සමහර ප්‍රෂ්ණ වලට උත්තර හොයන්නෙ නැතිව එහෙම්ම ඉන්න එක තමා වැඩියම හොඳ, එවට එහෙම්ම ප්‍රෂ්ණාර්ත තියලා.
මොකද දන්නවද, උත්තර දන්නෙ නැත්නම් එකපාරටම, හිත හිත ඉන්න ගියොත් ඒ දන්නෙ නැති එකට උතතරේ අනිත් ඒවට උත්තර හොයන්න වෙලාව නැති වෙනවනෙ.
ඒ නිසා ඒ දන්නෙ නැති එක එහෙම්ම ටියලා අනිත් දන්න ඒවට ලියාගෙන ගියාම සමහරවිට නිකම්ම අර බැරි ප්‍රෂ්ණෙට උත්තරේ එනවා. වැඩේ ගොඩ.
එහෙමත් නැත්නම් අන්තිමටම හිතන්න තියා ගන්නවා ඒක. ඊලඟට ඒ වැඩෙනුත් හරි ගියේ නැත්නම් කරන්නෙ හිතට එන ඕනෙම එකක් උත්තරේ කර ගන්න එක.
සමහරවිට ඒ ප්‍රෂ්ණෙම උනත් උත්තරේ වෙන්න බැරි නැහැනෙ. =D
නිකම් උත්තර ගොඩක් තියෙන එකක් වගේ නම් (MCQ වගේ) 10,20 ගණං කරලා උත්තරයක් දාන්නයි තියෙන්නෙ වෙන එකක් වෙන්න කියලා.
සමහර වෙලාවට එහෙම දාන උත්තර තමා අති සාර්ථක වෙන්නෙත්.
වැරදුනක් මොකද, ඔන්න ඔහේ පස්සෙ තව සැරයක් හොයන එකනෙ තියෙන්නෙ උත්තරේ.

No comments:
Post a Comment