Wednesday, November 4, 2015

කෙතරම් මිහිරියිද අදටත් යන්න ගියත් ඇය

"එයා ගැනද? එයාගෙ ගැන කියන්න තරම් මහ ලොකු දේවල් නම් නෑ."
 ඒත් අපි දෙන්නා රටවල් දෙකක උනාට සාමාන්‍ය දෙන්නෙකුට වඩා හිත් වලින් ගොඩක් ලං වෙලා ඉඳියා. ලං වෙලා ඉඳපු තරම කොච්චරද කිව්වොත් සමහර දවස් වලට Skype එකේ එක දිගට පැය 14,15 කතා කලා. එයා ඉස්සර හැමදාම උදේට මාව නැගිට්ටවනවා පාඩම් කරන්න.

ඔයා දන්නවද එක දවසක් මගේ උපන්දිනේ දවසක එයා කල දේ. එයා මාව පුදුම කලා අදහගන්නත් බැරි තරමට. එයා එයාගෙ මුලු කාමරේම සරසලා, කේක් එකක් ගෙනත් ඒකෙ මගේ නම ගහලා තිබුණා. ඒ සේරම මං දැක්කෙ Skype එකෙන්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට.

එයාට හිටියා ශෝක් බල්ලෙක්. ඒ සයිබීරියන් හස්කි කෙනෙක්. එයා මුලින් ලේස්ති උනේ වෙන ජාතියක කෙනෙක් ගන්න. ඒත් මගේ කීමටයි එයා එයින් කෙනෙක් ව ගත්තෙ.

ඊළඟ දේ තමා එයා ලංකාවට ආවම ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නෑ එයාට. ඒත් කොහොම හරි ගෙදරට බොරුව දාලා එයාගෙ නෑ වෙන අයියා කෙනෙක් එක්ක කොහොමහරි පනිනවා ගෙදරින්. එහෙම කරලා එයා ආවෙ මාව බලන්න.

අපි දෙන්නා යාළු උන දවස් වලම එයාට එච්චර හොඳට සිංහල බෑ. මට හොඳට මතකයි එයාට සිංහල අකුරු ලියන්න පුරුදු කලා මම. අදටත් එයා සිංහල කතා කරනවා නම් ඒ මම නිසයි.

දන්නවද හැමදාම එයාව නිදිකරවන්න ඕනෙ මොකක් හරි කවියක් කියලා. එයා එකේ වෙලාව හදලා තියලා මට කියලා කවි කියව ගන්නවා නින්ද එයාට නින්ද යනකල්. මටත් එහෙම්මයි, මට නින්ද යන්නෙ නැති වෙලාවට ෆෝන් එකට viber කෝල් එකක් අරන් එහෙම කරනවා.

තව දෙයක්.., එක පාරක් මට අපල තියෙනවා කියලා දැනගෙන එහෙන් මුද්දක් හදලා එව්වා අපල වලට හරි යන්න එහේ ඉන්න ඒවට වැඩ කරන කෙනෙක් ලව්වා.

තව ඒවා තියෙනවා ඉතිං. හැබයි දැං මට ඒ ඔක්කොම මතක් වෙන්නෙ නෑ. පස්සෙ මතක් වෙන මතක් වෙන සැරේට කියන්නම්කො.

Tuesday, November 3, 2015

හොම්මේවර

හොම්මේවර ගැන ලියන්න තිබුණෙ කලිං. ඒත් මට ලියන්න මතක් උනේ මිනි කැළේ ගැසීම පෝස්ට් එක ලියනකොට.
ඉතිං මේ හොම්මේවර කියන්නෙ මලමිනියකට කරන කටයුතු. කෙනෙක් මැරුනම එයාගෙ අවසන් කටයුතු භාර වෙන්නෙ ඇවැස්ස බෑනට. මරණයේ අත් පා ඇඟිලි ගැට ගහන එකේ ඉඳලා සේරම කටයුතු පැවරෙන්නෙ බෑනා කෙනෙක්ට.

වයසට ගියපු අය හොම්මේවර කරන කෙනාට දෙන තෑගි විදියට ගම්වසම් ඉඩමක් හරි ආභරණයක් හරි වෙන් කරගෙන තියාගෙන ඉන්නෙ.
තමං මැරුනට පස්සෙ අර වෙන් කරලා තිබ්බ තෑග්ග හොම්මේවරයාට ලබෙනවා කියලා තමා කියන්නෙ.

මිනී කැළේ ගැසීම

වන්නියෙ ඉඳපු මිනිස්සු අනුගමනය කරපු සිරිත් අතරින් අමුතුම එකක් තමා මිනී කැළේ ගැසීම. මිනී කැළේ ගැසීම කියන්නෙ කෙනෙක් මැරුනම ඒ කෙනාගෙ අවසන් කටයුතු කරන එක. ඉතිං කෙනෙක් මැරුනම එයාගෙ අවසන් කටයුතු කරන්න වෙන්නෙ හොම්මේවර කරුට. කවුරුත් දන්නෙ නැතුව ඇතිනෙ හොම්මේවර කරු කියන්නෙ කවුද කියලා. ඒක මෙතනින් බලලා දැන ගන්නකො.

මුලින්ම කරන්නෙ අර මිනිය ගෙයින් එලියට අරගෙන ලී කොට තුනක් උඩ තියන එක. ඊලඟට කරන්නෙ වතුර කලගෙඩි කීපයක් අරකට වත් කරනවා. ඒකට කියන්නෙ මිනිය නෑවීම කියලා. හරිනෙ.
ඊලඟ දේ තමා පැදුරක් දෙකක් දාලා ඒකෙ අර මිනිය තියනවා.
මිනිය අරමම තියලා බුලත් විටක් හදලා ඒක මිනියෙ ඉනේ ගහනවලු. ඊලඟට මිනියෙ කට ඇරලා කටට හාල් පුරවනවා. ඕකට තමා කටහාල් දැමීම කියන්නෙ.

ඊලඟට පැදුරු දෙක එකට තියලා නවලා තුන්පලකින් ගෙට ගහනවා. ආයෙම තරමක් දිග තියෙන ලීයක් අරගෙන අර පැදුරු වල ඔතපු මිනිය අර ලීයෙ ගැට ගහනවා ආයෙ තැන් තුනකින්. ඊට පස්සෙ ඉතිං දෙපැත්තෙන් දෙන්නා දෙන්නා අරක කර ගහගෙන ගෙනියනවා මිනිය කැළේ ගහන්න. මේ අයට හරි හමන් සොහොන් පලවල් නැහැනෙ. කැලේ ඇතුලෙ සෑහෙන තරම් දුරක් ගෙනෙහින් ගණට වැවුන අකුලක් හොයලා ඒකෙ අස්සෙ මිනිය ගහලා එනවා. එතනින් ඉතිං මිනී කැළේ ගහන එකත් ඉවරයි.

සඹඳ නුඹ

සඹඳ නුඹ සොයන
දහස් සිතුවිලි අතර
හසරැල්ල එයම වෙත් නම්
සදාකල් ලඟ රැඳෙන
කුමට තව සොයන්නේ
එයින් සැනහෙනු නොහී...... 

ප්‍රොමිතියස්....

අනේ ප්‍රොමිතියස්
හිඳින තැනක හිඳ
දැංවත් දුක් වෙනවද
කළ වැරදි වැඩේ ගැන
සියුස් ජාතක කල
ඒ අවජාතක පුතා නුඹ
පෙනෙනවද රඟ දැං
නුඹලාගෙ අවියෙන්
නුඹලාම
ඔච්චම් විඳින අපූරුව.......

Tuesday, October 27, 2015

නොහොරේ දැමීම

මහ කැලෑ යන අයට පළමු දිනයේ දඩයමක් නොලැබුණොත් කෙමක් කරනවා. ඒක තමා නොහොරේ දානවා කියන්නෙ. මහ කැළෑ යනවා කියන්නෙ වෙනම කතාවක්, ඒ ගැන දන්නෙ නැතිනම් මෙතනින් බලන්න.

කෙම් ක්‍රමේ තමා ඒ කීප දෙනා එක තැනකට එකතු වෙලා කෝටු කෑළි ටිකක් අරං ඒවා අඟල් හයක් විතර දිගට කපනවා. ඊට පස්සේ... අඟල් හයක් විතර ගැඹුරු වලක් හාරලා අර කෝටු කෑලි ටික තම තමන්ගෙ පවුලෙ අයගෙ නම් කියලා නෑ කමත් එක්කම අර වලේ දානවා. ඊට පස්සෙ මහ හයියෙන් අඬලා වැලපිලා : අත්පුඩි තුනක් ගහලා පස් දාලා වල වහලා තුන් සැරයක් හූ කියලා ගමන යන්න පටන් ගන්නවා. ඊලඟට ඉතිං වැඩි දුරක් යන්න කලින් බලාපොරොත්තු ඉටු වෙලා දඩයමක් ලැබෙනවලුනෙ. මේකට තමා නොහොරේ දැමීම කියන්නෙ.

මහ කැළෑ යාම

ගමේ මැදි වයසෙ දෙතුන් දෙනෙක් එකතු වෙලා තමා මේක කරන්නෙ. මුළින්ම රහසෙන් සාකච්චාවක් තියලා මහකැළෑ යන්න තීරණය කර ගන්නවා. මේක දවස් හතක, අටක ගමනක්. මේ ගමන යන්නෙ මස්, මී පැණි වගේ දේවල් එකතු කරගෙන එන්න. ඒ නිසා ගමන යන්න කලින් වන්නි යකාට බාර හාර වෙලා රෑ පාන්දරින්ම කාටත් හොරෙන් තමයි යන්න පිටත් වෙන්නෙ.

දඩයම් බල්ලොයි, බෙහෙත් කොටන තුවක්කුයි (කැප් තුවක්කු කියන්නෙත් මේවටම තමා) තමයි දඩයමට ගෙනියන්නෙ, ඒ ඇරුනම ඉතිං කෑම ජාති ටිකකුයි, හැළි වලං කීපෙකුයි ගෙනියනවා. අනෙක් දේ තමා කැලේට ගියාට පස්සෙ කතා කරන්නෙ කැළෑ භාශාවකින්. හරියට කමත් භාශාව වගෙ.
මහ කළෑ ගිය අය ආයෙ ගමට එනකල් ඒ අයගෙ භාර්යාවො පේවිලයි ඉන්නෙ. ගෙවල් වල පොල් බිඳින එක, තෙල් දාපු කෑම හදන එක, ඇඳපු ඇඳුම් හෝදන එක එහෙම කරන්නෙම නෑ. එහෙම කරන්නෙ තමන්ගෙ කෙනාට කැළේදි වලස්සු න් ගෙන් හානියක් වෙයි කියන බයට.

ගියපු අය ඉතිං ටික දවසකින් ගමට එනවා මී පැනියි, දඩ මසුයි අරං. ඔච්චර තමා ඉතිං ඒකත්.

බෝල බැඳීම

වැවක වතුර හිඟ වෙන කාලෙ තමා මිරිදිය මාළු අල්ලන කාලෙ වෙන්නෙ. ඉතිං ඒ කාලෙට ගමේ කෙනෙක් වම සම්මත කරලා වෙල් විදානේ කෙනෙක් ව පත් කර ගන්නවා. මාළු අල්ලන එකෙන් වැවේ වතුර අපිරිසිඳු වෙන එක නවත්තන්න තමයි බෝල බැඳීම කරන්නෙ. මේක කරන්නෙ වෙල් විදානෙ. වැවේ වතුර අපිරිසිඳු වෙනවා දැක්ක ගමන් වෙල් විදානේ ලීයක් අරගෙන ඒක වැවේ වතුරෙ හිටවලා කොළ අතු කීපෙකුත් අරගෙන ඒ ටික එකට ගෙට ගහලා ඒක අමුණනවා අර ලීයෙ. එතකොට ඒකෙන් අඟවන්නෙ මාළු අල්ලන්න තහනම් කියලා. ඕක තමා ඉතිං බෝල බැඳීම.

Saturday, October 24, 2015

වැස්සක තනියම

දන්නවද, එතකොට වෙලාව කීයට විතර ඇතිද කියලා? හවස 6.30ට කිට්ටු කරලා. මුළු අහසම කළුම කළු පාටයි. ගලන ගානටම වහිනවා ඒ වෙලේ.
                                                                                                                                                             
මට lectures තිබුණ දවසක් ඒ. බස් එකෙන් බැහැලා අපේ ගෙදරට එන්න ටික වෙලාවක් යනවා.
දැං ඉතිං මම බස් එකෙන් බැහැලා කුඩෙත් ඉහලගෙන බාගෙට තෙමි තෙමී එනවා. හිතන්නකො ඒ වෙලාවෙ අවට කොහොම ඇතිද කියලා. පාරෙ කවුරුවත් ඇත්තෙත් නෑ, බාගෙට කළුවර එහෙන් වැස්ස. හම්මේ දිවිය ලෝකෙ වගේ.
මාත් ඉතිං නැළවි නැළවි එනවා ඉබ්බෙක් වගේ.
අනේ.... ආයෙම ඒ වගේ දවසක් එනවා නම් *-* . හොඳම දේ තමා මං තනියමයි උන්නෙ. ඒක ගැන කියලා වැඩක් නෑ. ඒ තරමටම ශෝක්.

අනේ ගෙදර යන පාර තව දිග උනා නම්. කවදාවත් කිසිම කෙනෙක් දැන ගන්නෙ නෑ ඒක කොච්චර ශෝයි ද කියලා එහෙම අවස්තාවක් ලැබෙන කල්ම.

මාව බාගෙට තෙමිලා ඒ වෙද්දි. ඇඟ සිදුරු කරගෙන යන තරමට සීතල යිත් එක්ක. ඒත් ඒ අඳුරු සීතලේ උණුහුහුමක් හොයාගෙන යනවා වෙනුවට හිතෙන්නෙම, දැනෙන්නෙම තවත් ටිකක් ඒ සීතලටම ගුළි වෙන්න.
හරියට බේබද්දෙක් බොන්න හොයනවා වගේ. *_*

උත්තර නැති ප්‍රෂ්ණ

සමහර ප්‍රෂ්ණ වලට උත්තර හොයන්නෙ නැතිව එහෙම්ම ඉන්න එක තමා වැඩියම හොඳ, එවට එහෙම්ම ප්‍රෂ්ණාර්ත තියලා.
මොකද දන්නවද, උත්තර දන්නෙ නැත්නම් එකපාරටම, හිත හිත ඉන්න ගියොත් ඒ දන්නෙ නැති එකට උතතරේ අනිත් ඒවට උත්තර හොයන්න වෙලාව නැති වෙනවනෙ.
ඒ නිසා ඒ දන්නෙ නැති එක එහෙම්ම ටියලා අනිත් දන්න ඒවට ලියාගෙන ගියාම සමහරවිට නිකම්ම අර බැරි ප්‍රෂ්ණෙට උත්තරේ එනවා. වැඩේ ගොඩ.
එහෙමත් නැත්නම් අන්තිමටම හිතන්න තියා ගන්නවා ඒක. ඊලඟට ඒ වැඩෙනුත් හරි ගියේ නැත්නම් කරන්නෙ හිතට එන ඕනෙම එකක් උත්තරේ කර ගන්න එක.

සමහරවිට ඒ ප්‍රෂ්ණෙම උනත් උත්තරේ වෙන්න බැරි නැහැනෙ. =D

නිකම් උත්තර ගොඩක් තියෙන එකක් වගේ නම් (MCQ වගේ) 10,20 ගණං කරලා උත්තරයක් දාන්නයි තියෙන්නෙ වෙන එකක් වෙන්න කියලා.
සමහර වෙලාවට එහෙම දාන උත්තර තමා අති සාර්ථක වෙන්නෙත්.
වැරදුනක් මොකද, ඔන්න ඔහේ පස්සෙ තව සැරයක් හොයන එකනෙ තියෙන්නෙ උත්තරේ.


Friday, October 23, 2015

~අඟල් තුනේ රන් ලිලී මල්~

මගේ ආච්චි අම්මාගේ පා වෙළන ලද්දේ වය අවුරුදු දෙකේදීය. තම දෙපාද වෙලා තිබූ ඇගේ මව පළමුව අඩි විස්සක් පමණ සුදු රෙදි කඩක් ඉරාගෙන ඇගේ කකුල් වට කලාය. මහපටඟිල්ල හැර අනෙක් සියලුම ඇඟිලි යටි පතුල දෙසට නවමින් වෙළුවාය. ඉන්පසු නැම්ම බිඳ දැමීමට මහත දෙහෙත ගෙන කකුල් මත තැබුවාය. මගේ ආච්චි අම්මා වේදනාවෙන් කෑ ගසමින් මෙය නවත්වන ලෙස අයද සිටියාය. ඇය නිහඬ කිරීම සඳහා මුවෙහි පාන් කඩයක් සුරුවම් කිරීමට ඇගේ මවට සිදුවුනි. මගේ ආච්චි අම්මා කිහිප විටක් සිහි මුර්ජා වූවාය.

එදවස, ස්ත්‍රියක් විවාහ වූ වෙලේ, මනාලයාගේ පවුලේ ප්‍රධාන කාර්යය වූයේ ඇගේ දෙපා පරීක්ශා කිරීමය. විශාල පා, එනම් සාමාන්‍ය පා පා යනු මනාලයාගෙ පවුලේ උදවියට අපකීර්තිය ගෙන දෙන්නක් සේ සැලකුනි. නැන්දම්මා මනාලියගේ දිගු සායෙහි වාටිය ඔසොවා බලා, දෙපා අඟල් තුන හතරකට වඩා දික් වූයේ නම්, පිළිකුල මුසු ඉරියව්වක් පාමින් මනාලිය වෙතින් ඉවත්ව, ඇය දෙස විවෙචනාත්මකව බලා සිටින් අමුත්තන් වෙත අවඥා සහගත පිලිකුම මුනු මුනු ගා ප්‍රකාශ කරමින් ආඩම්බරයෙන් යුතුව පිය මනිනු ඇත.

දෙපා වෙලීමේ අභ්‍යාසය මුඉන්ම හඳුන්වා දෙන ලද්දේ අවුරුදු දහසකට පෙර අදිරාජ්‍යකුගේ අන්තඃපුර ස්ත්‍රියක් විසිනි. කැහටු පා සහිත ස්ත්‍රීන් නොණ්ඩි ගසමින් ඇවිදිනවා දැකීම ශෘංගාරාත්මක යයි සැලකුණා පමණක් නොව, විසිතුරු මැස්මෙන් අලංකෘත පාවහන් තුළ නිතර සැඟවුනු වෙළන ලද දෙපා පොලඹවනසුලු විය. ස්ත්‍රීහු වැඩිහිටි බවට පත් වූවාට පසුවද පා වෙලුම් පටි ඉවත ඩැමීමට අස්මත් වන්නේ වුන්ගේ පා නැවත වැඩීමට ඉඩ ඇති හෙයිනි. වෙලුම් පටි තාවකාලිකව බුරුල් කරනුයේ සැහල්ලු පතුල් පාවහන් පලඳින රාත්‍රී කාලයේදී පමණි. සාමාන්‍යයෙන් කුණු වූ මස් සහිත, වෙළුම් පටි ඉවත් කල විට දුගඳ හමන, නිරුවත් පා පිරිමින් දකිනුයේ කලතුරකිනි.


වන හංසියෝ - යූන්ග් චෑන්ග්