Tuesday, November 3, 2015

මිනී කැළේ ගැසීම

වන්නියෙ ඉඳපු මිනිස්සු අනුගමනය කරපු සිරිත් අතරින් අමුතුම එකක් තමා මිනී කැළේ ගැසීම. මිනී කැළේ ගැසීම කියන්නෙ කෙනෙක් මැරුනම ඒ කෙනාගෙ අවසන් කටයුතු කරන එක. ඉතිං කෙනෙක් මැරුනම එයාගෙ අවසන් කටයුතු කරන්න වෙන්නෙ හොම්මේවර කරුට. කවුරුත් දන්නෙ නැතුව ඇතිනෙ හොම්මේවර කරු කියන්නෙ කවුද කියලා. ඒක මෙතනින් බලලා දැන ගන්නකො.

මුලින්ම කරන්නෙ අර මිනිය ගෙයින් එලියට අරගෙන ලී කොට තුනක් උඩ තියන එක. ඊලඟට කරන්නෙ වතුර කලගෙඩි කීපයක් අරකට වත් කරනවා. ඒකට කියන්නෙ මිනිය නෑවීම කියලා. හරිනෙ.
ඊලඟ දේ තමා පැදුරක් දෙකක් දාලා ඒකෙ අර මිනිය තියනවා.
මිනිය අරමම තියලා බුලත් විටක් හදලා ඒක මිනියෙ ඉනේ ගහනවලු. ඊලඟට මිනියෙ කට ඇරලා කටට හාල් පුරවනවා. ඕකට තමා කටහාල් දැමීම කියන්නෙ.

ඊලඟට පැදුරු දෙක එකට තියලා නවලා තුන්පලකින් ගෙට ගහනවා. ආයෙම තරමක් දිග තියෙන ලීයක් අරගෙන අර පැදුරු වල ඔතපු මිනිය අර ලීයෙ ගැට ගහනවා ආයෙ තැන් තුනකින්. ඊට පස්සෙ ඉතිං දෙපැත්තෙන් දෙන්නා දෙන්නා අරක කර ගහගෙන ගෙනියනවා මිනිය කැළේ ගහන්න. මේ අයට හරි හමන් සොහොන් පලවල් නැහැනෙ. කැලේ ඇතුලෙ සෑහෙන තරම් දුරක් ගෙනෙහින් ගණට වැවුන අකුලක් හොයලා ඒකෙ අස්සෙ මිනිය ගහලා එනවා. එතනින් ඉතිං මිනී කැළේ ගහන එකත් ඉවරයි.

No comments:

Post a Comment