මගේ ආච්චි අම්මාගේ පා වෙළන ලද්දේ වය අවුරුදු දෙකේදීය. තම දෙපාද වෙලා තිබූ ඇගේ මව පළමුව අඩි විස්සක් පමණ සුදු රෙදි කඩක් ඉරාගෙන ඇගේ කකුල් වට කලාය. මහපටඟිල්ල හැර අනෙක් සියලුම ඇඟිලි යටි පතුල දෙසට නවමින් වෙළුවාය. ඉන්පසු නැම්ම බිඳ දැමීමට මහත දෙහෙත ගෙන කකුල් මත තැබුවාය. මගේ ආච්චි අම්මා වේදනාවෙන් කෑ ගසමින් මෙය නවත්වන ලෙස අයද සිටියාය. ඇය නිහඬ කිරීම සඳහා මුවෙහි පාන් කඩයක් සුරුවම් කිරීමට ඇගේ මවට සිදුවුනි. මගේ ආච්චි අම්මා කිහිප විටක් සිහි මුර්ජා වූවාය.
එදවස, ස්ත්‍රියක් විවාහ වූ වෙලේ, මනාලයාගේ පවුලේ ප්‍රධාන කාර්යය වූයේ ඇගේ දෙපා පරීක්ශා කිරීමය. විශාල පා, එනම් සාමාන්‍ය පා පා යනු මනාලයාගෙ පවුලේ උදවියට අපකීර්තිය ගෙන දෙන්නක් සේ සැලකුනි. නැන්දම්මා මනාලියගේ දිගු සායෙහි වාටිය ඔසොවා බලා, දෙපා අඟල් තුන හතරකට වඩා දික් වූයේ නම්, පිළිකුල මුසු ඉරියව්වක් පාමින් මනාලිය වෙතින් ඉවත්ව, ඇය දෙස විවෙචනාත්මකව බලා සිටින් අමුත්තන් වෙත අවඥා සහගත පිලිකුම මුනු මුනු ගා ප්‍රකාශ කරමින් ආඩම්බරයෙන් යුතුව පිය මනිනු ඇත.
දෙපා වෙලීමේ අභ්‍යාසය මුඉන්ම හඳුන්වා දෙන ලද්දේ අවුරුදු දහසකට පෙර අදිරාජ්‍යකුගේ අන්තඃපුර ස්ත්‍රියක් විසිනි. කැහටු පා සහිත ස්ත්‍රීන් නොණ්ඩි ගසමින් ඇවිදිනවා දැකීම ශෘංගාරාත්මක යයි සැලකුණා පමණක් නොව, විසිතුරු මැස්මෙන් අලංකෘත පාවහන් තුළ නිතර සැඟවුනු වෙළන ලද දෙපා පොලඹවනසුලු විය. ස්ත්‍රීහු වැඩිහිටි බවට පත් වූවාට පසුවද පා වෙලුම් පටි ඉවත ඩැමීමට අස්මත් වන්නේ වුන්ගේ පා නැවත වැඩීමට ඉඩ ඇති හෙයිනි. වෙලුම් පටි තාවකාලිකව බුරුල් කරනුයේ සැහල්ලු පතුල් පාවහන් පලඳින රාත්‍රී කාලයේදී පමණි. සාමාන්‍යයෙන් කුණු වූ මස් සහිත, වෙළුම් පටි ඉවත් කල විට දුගඳ හමන, නිරුවත් පා පිරිමින් දකිනුයේ කලතුරකිනි.
වන හංසියෝ - යූන්ග් චෑන්ග්



