දන්නවද? කවදා හරි මෙව්ව අහලා ඇති දැකලා ඇති. කවුරු උණත් කොතනක හරි , කා එක්ක හරි රණ්ඩු වෙද්දි, තර්ක කරද්දි එහෙමත් නැත්නම් තමන්ගෙ මතයක් තව කෙනෙක් ලව්වා බලෙන් කර ගනිද්දි, ඒ එහෙම කතා කරන දෙන්නා හරි එහෙම නැත්නම් කීප දෙනා හරි ඒ අයගෙන් එක්කෙනෙක් වත් පහු බහින්නෙ නැතිව හරි දිනන්නෙ නැතිව හරි ඉන්නවනෙ.
ඉතිං ඔය අතර මැද කවුරු හරි කෙනෙක් කුණුහර්ප කියාගෙන ආවොත්....
ඊළඟට මොකද වෙන්නෙ? එහෙම කුණුහර්ප කියන කෙනා දිනනවද, නැත්නම් අනිත් කෙනා දිනනවද? ගොඩක් වෙලාවට එක්කෙනෙක් කුණුහර්ප කියද්දි අනෙක් කෙනා නිහඬ වෙනවනෙ. (එහෙම වෙන්නෙ නැත්නම්, හිතලා හරි වෙන්න ඕනෙ )
ඇයි දන්නවද? කුණුහර්ප කියන්නෙ නැති කෙනා තමා ඇත්තටම දිනුම්, කියපු කෙනා මැට්ටෙක් වගේ පරාදයි. මොකද ඒ කෙනා ඒ කුණුහර්ප කියාගෙන එන්නෙ එයට කියන්න වෙන මොකුත් නැති නිසානෙ. එයාට දෙන්න සාධාරණ තර්ක නැති නිසානෙ. ඉතිං ඒ අය බයයි එයාලා පැරදෙයි කියන එකට. එයාලගෙ ඊගො එකට හානි වෙයි කියලා බයයි. ඉතිං එයා ගොනෙක් වගේ කුණුහර්ප කියද්දි අනෙක් කෙනා නිකම්ම වගෙ නිහඬ වෙනවනෙ. ඒ අරයා වගේම කුණුහර්ප කියන්න බැරි කම නිසා නෙමෙයි. ඒ වගේ තකතීරු වැඩක් තවත් නැති නිසා. තමන්ගෙ කට සවුත්තු කර ගන්න බැරි නිසා.
අනේ ඉතිං අර මෝඩ මනුස්සයාට හරීයට සතුටු හිතෙනවා එයා කුණුහර්ප කියද්දි අනෙක් කෙනා කට වහ ගත්තම. හිතන්නෙ ඉතිං එයා දිනුම් කියලනෙ..ඔන්න ඔහේ එහෙම හිතපුදෙන්. මනසෙන් හරිම දුර්වල මිනිස්සුනෙ...

No comments:
Post a Comment