Saturday, April 16, 2016

අඬන ළමයි 1

අපි ඉපදුන ගමන් මුලින්ම කරන්නෙ අඬන එක. ඇඬුවෙ නැත්නම් හයියෙන් තට්ටුවක් දාල හරි එවෙලෙට අපිව අඬවනවනෙ. ඉතිං එතනින් පටන් ගන්න ඇඬිල්ල ජීවිත කාලෙ පුරාම මැරෙනකල්ම සැරින් සැරේ එක එක වෙලාවල් වලට අඬනවනෙ.
ඊලඟට බඩගිනි උනාම, අම්මව හොයා ගන්න බැරි උනාම ආයෙ තව චුට්ටක් ලොකු උනාම කවුරු හරි බැන්නොත්, ගැහුවොත් තරහා උනොත් තමා.

ඒත් ඊලඟට මොකක්ද? ඊලඟ තැන තමා තැන... ඒ වෙද්දි අපි සම්පූර්නෙන් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු වෙලා ඉවරයි.  කොටින්ම කීවොත් අටලෝ දහමෙන්ම කම්පා වෙන අය වෙලා ඉවර්‍යි( දුක-සැප, ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, යස-අයස මෙව්වා තමා අටලෝ දහම ) සමහරවිට ඔයවටත් වඩා මහ ගොඩක් හේතු තියෙනවා. ඔක්කොගෙන්ම වෙන්නෙ අන්තිමට දුක හිතෙන එක තමා.

ඒත් මෙන්න මේකයි, මනුස්සයෙක්ගෙ හිත සංවේදී වැඩි උනාම එයා දුක හිතනවා වැඩී, තමන්ගෙ දුක අඬලා එහෙම ප්‍රකාශ කරනවා වැඩී කියලනෙ ගොඩක් වෙලවට අපි දකින්නෙ. ඒත් ඇත්තටම ඒක එහෙමයිද? එතනදි මට එකඟ වෙන්න හරි අමරුයි අප්පා. හැම දේටම (යන්තම් ඇත්නම්)හැමොම ඉස්සරහා අඬන අය තමයි නරකම මිනිස්සු කියලයි මට හිතෙන්නෙ. දෙයක් දරා ගන්න බැරි උනාම ඉබේටම ඇඬෙන බව ඇත්ත. එක එක්කෙනාගෙ දරා ගැනීමෙ හැකියාවත් එක එක විදියයි කියන එකත් ඇත්ත. ඒත් මේ වෙලාවෙ ඒක එහෙම නෙමේ.
මට හිතෙන්නෙ ඒ වගෙ අයගෙ හිත් තමයි නරකම නරක හිත් කියලා. කුහකකම එහෙම වැඩියෙන් හිතේ තියෙන අයයි කියලා හිතෙන්නෙ. ඒත් හැමෝම එහෙම ඇතී කියලා මං කියන්නෙ නේ. මං ඒ වගේ දැකපු හැමෝම වගේ ඒ විදියයි. ඒකයි එහෙම කීවෙ.

තවත් කට්ටියක් ඉන්නවා ලොකෙම ඉස්සරහා ඔළුව කෙලින් තියන් ඉඳියත්, එකෙනෙක් ලඟ හරි නැත්නම් කීප දෙනෙක් ලඟ හරි විතරක් හරිම ඉක්මනට කඩා වැටෙන, අර මුලින් කීව සීනිබොලෙට අයටත් වඩා දුක ප්‍රකශ කරන අය.
සමහර වෙලාවට ඉන්නවනෙ ලේසියෙන් අඬනවා තියා ඩුක හිතුන මූණක් වත් පෙන්නන්නෙ නැති අය. හැමොම කියන විදියට 'හිත ගලක් වගෙ' කියන අය. මට ගොඩක් වෙලාවට හිතෙනවා ඉන්න සං වේදීම අය ඒ අයයි කියලා. ඒ වගෙම ඉන්න අසංවේදීම අයත් ඒ අයමයි. මං දැකලා තියෙන විදියට එහෙම වෙලා ඉන්නෙ ජීවිතෙ ගොඩක් කටුක දේවල් වලට මූන දීපු අය. තවමත් මූන දෙන අය.
ඒත් ඒ අය දුක පෙන්නන්නෙ නැත්තෙ ඇයි?

මේ ටික ගැන පස්සෙ ලියන්නම්. මේකත් දිග වැඩී වගේනෙ.

No comments:

Post a Comment