Showing posts with label කවි ම නෙමෙයි. Show all posts
Showing posts with label කවි ම නෙමෙයි. Show all posts

Monday, April 18, 2016

~ඒක තමා ලස්සනම~

වැහි වැටී පෙඟුන පාරක
රැහැයියන් අඬන කළුවරක
නුඹේ සුරතේ වෙළී
උණුහුමට වී ගුළී
ඇවිද යන්නට ආසයි.....

අහංකාර මුවගින්
තෙත අඳුර අතරින්
පායනා සිනා රැල්
උරිස්සට උඩගින්
එබී බලමින් යන්න ආසයි


Tuesday, November 3, 2015

සඹඳ නුඹ

සඹඳ නුඹ සොයන
දහස් සිතුවිලි අතර
හසරැල්ල එයම වෙත් නම්
සදාකල් ලඟ රැඳෙන
කුමට තව සොයන්නේ
එයින් සැනහෙනු නොහී...... 

ප්‍රොමිතියස්....

අනේ ප්‍රොමිතියස්
හිඳින තැනක හිඳ
දැංවත් දුක් වෙනවද
කළ වැරදි වැඩේ ගැන
සියුස් ජාතක කල
ඒ අවජාතක පුතා නුඹ
පෙනෙනවද රඟ දැං
නුඹලාගෙ අවියෙන්
නුඹලාම
ඔච්චම් විඳින අපූරුව.......