Tuesday, October 27, 2015

නොහොරේ දැමීම

මහ කැලෑ යන අයට පළමු දිනයේ දඩයමක් නොලැබුණොත් කෙමක් කරනවා. ඒක තමා නොහොරේ දානවා කියන්නෙ. මහ කැළෑ යනවා කියන්නෙ වෙනම කතාවක්, ඒ ගැන දන්නෙ නැතිනම් මෙතනින් බලන්න.

කෙම් ක්‍රමේ තමා ඒ කීප දෙනා එක තැනකට එකතු වෙලා කෝටු කෑළි ටිකක් අරං ඒවා අඟල් හයක් විතර දිගට කපනවා. ඊට පස්සේ... අඟල් හයක් විතර ගැඹුරු වලක් හාරලා අර කෝටු කෑලි ටික තම තමන්ගෙ පවුලෙ අයගෙ නම් කියලා නෑ කමත් එක්කම අර වලේ දානවා. ඊට පස්සෙ මහ හයියෙන් අඬලා වැලපිලා : අත්පුඩි තුනක් ගහලා පස් දාලා වල වහලා තුන් සැරයක් හූ කියලා ගමන යන්න පටන් ගන්නවා. ඊලඟට ඉතිං වැඩි දුරක් යන්න කලින් බලාපොරොත්තු ඉටු වෙලා දඩයමක් ලැබෙනවලුනෙ. මේකට තමා නොහොරේ දැමීම කියන්නෙ.

3 comments:

  1. නොදන්නා කාරණාවක් දැනගත්තා.... හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
      තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
      දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
      මහකැලයේ වැද්දන් දැකගත්තා
      වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්

      ඕයේ ඔජායේ ඕයේ ඔජායේ

      දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
      ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
      මී පැණි පොවලා මුව ගෝන මස් හදාලා
      කෑමක් දීලා සංගීතයක් දමාලා
      වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්

      නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී
      නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
      බැඳුනත් හිත මාගේ කරගන්නට ඈ භාරී
      මට බය හිතුනා ඈ හරි කටකාරී
      ආසා හිතුනා ඈ කිවු ගී මිහිරී

      නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ
      වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
      නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
      ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
      තාමත් රැව්දේ ඒ වැදි ගී නාදේ ඕජායේ........

      Delete
    2. ස්තූතියි අයේශ් අයියෙ. තව එව්ව දාන්නම්කො

      Delete