"එයා ගැනද? එයාගෙ ගැන කියන්න තරම් මහ ලොකු දේවල් නම් නෑ."ඒත් අපි දෙන්නා රටවල් දෙකක උනාට සාමාන්‍ය දෙන්නෙකුට වඩා හිත් වලින් ගොඩක් ලං වෙලා ඉඳියා. ලං වෙලා ඉඳපු තරම කොච්චරද කිව්වොත් සමහර දවස් වලට Skype එකේ එක දිගට පැය 14,15 කතා කලා. එයා ඉස්සර හැමදාම උදේට මාව නැගිට්ටවනවා පාඩම් කරන්න.
ඔයා දන්නවද එක දවසක් මගේ උපන්දිනේ දවසක එයා කල දේ. එයා මාව පුදුම කලා අදහගන්නත් බැරි තරමට. එයා එයාගෙ මුලු කාමරේම සරසලා, කේක් එකක් ගෙනත් ඒකෙ මගේ නම ගහලා තිබුණා. ඒ සේරම මං දැක්කෙ Skype එකෙන්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට.
එයාට හිටියා ශෝක් බල්ලෙක්. ඒ සයිබීරියන් හස්කි කෙනෙක්. එයා මුලින් ලේස්ති උනේ වෙන ජාතියක කෙනෙක් ගන්න. ඒත් මගේ කීමටයි එයා එයින් කෙනෙක් ව ගත්තෙ.
ඊළඟ දේ තමා එයා ලංකාවට ආවම ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නෑ එයාට. ඒත් කොහොම හරි ගෙදරට බොරුව දාලා එයාගෙ නෑ වෙන අයියා කෙනෙක් එක්ක කොහොමහරි පනිනවා ගෙදරින්. එහෙම කරලා එයා ආවෙ මාව බලන්න.
අපි දෙන්නා යාළු උන දවස් වලම එයාට එච්චර හොඳට සිංහල බෑ. මට හොඳට මතකයි එයාට සිංහල අකුරු ලියන්න පුරුදු කලා මම. අදටත් එයා සිංහල කතා කරනවා නම් ඒ මම නිසයි.
දන්නවද හැමදාම එයාව නිදිකරවන්න ඕනෙ මොකක් හරි කවියක් කියලා. එයා එකේ වෙලාව හදලා තියලා මට කියලා කවි කියව ගන්නවා නින්ද එයාට නින්ද යනකල්. මටත් එහෙම්මයි, මට නින්ද යන්නෙ නැති වෙලාවට ෆෝන් එකට viber කෝල් එකක් අරන් එහෙම කරනවා.
තව දෙයක්.., එක පාරක් මට අපල තියෙනවා කියලා දැනගෙන එහෙන් මුද්දක් හදලා එව්වා අපල වලට හරි යන්න එහේ ඉන්න ඒවට වැඩ කරන කෙනෙක් ලව්වා.
තව ඒවා තියෙනවා ඉතිං. හැබයි දැං මට ඒ ඔක්කොම මතක් වෙන්නෙ නෑ. පස්සෙ මතක් වෙන මතක් වෙන සැරේට කියන්නම්කො.

දෙරටක ආදරයක්... අගෙයි.... ෆැන්ටසියක් යැයි සිතමි.... තවත් ලියන්න....
ReplyDeleteමේක ෆැන්ටසියක් නෙමෙයි අයියෙ. ඇත්ත කතාවක්...
Deleteකතාව හොදයි හ්ම්... මං මේ හිතුවෙ ... හ්ම්..
ReplyDelete